ආගම සහ දේශපාලනය

කමල් වික්‍රමනායක - 2020/11/04 - 23:27

ආගම සහ දේශපාලනය යනු සමාජයක අභිවෘද්ධිය පිණිසත් පිරිහීම පිණිසත් බලපාන ප්‍රධාන සාධක දෙකක්. යම් සමාජයක යහපත් ආගමික යොමුවක් සහ යහපත් දේශපාලනමය ක්‍රියාවලියක් පවතී නම් එසේ වීම එම සමාජයේ අභිවෘද්ධියට හේතු වෙනවා. යම් සමාජයක අයහපත් ආගමික යොමුවක් සහ අයහපත් දේශපාලනමය ක්‍රියාවලියක් පවතී නම් එසේ වීම එම සමාජයේ පිරිහීමට හේතු වෙනවා.

එළැඹෙන 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී වඩාත්ම සුදුසු ජනතා නියෝජිතයින්ව පාර්ලිමේන්තුවට තෝරා පත්කරගන්නේ කෙසේද?

කමල් වික්‍රමනායක - 2020/07/22 - 14:32

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද දායකයින් විසින් ඡන්දය දී පාර්ලිමේන්තුවට තෝරා පත්කරගතයුතු වඩාත්ම සුදුසු ජනතා නියෝජිතයින් කවුරුන් දැයි ඔවුන්ටම අවබෝධයක් ලබා  ගත හැකි පරිදි සකසන ලද මෙවලමක් අප වෙබ් අඩවියට එක් කොට තිබෙනවා.

එම මෙවලම භාවිතා කොට ඡන්ද අපේක්ෂකයින්ව ඇගැයීමට භාජනය කරන්න. අන් අයටත් එම මෙවලම පිළිබඳ දන්වන්න. රටේ අභිවෘද්ධිය පිණිස කටයුතු කළ හැකි වඩාත්ම සුදුසු පුද්ගලයින්ව පාර්ලිමේන්තුවට තෝරා පත්කරගැනීමට උත්සුක වන්න.

මෙවලම වෙත සබැඳිය: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතා නියෝජිතයෙකුව ඇගැයීම

රටේ පිරිහීමට වැඩිපුර දොස් කිව යුත්තේ කා හටද?

කමල් වික්‍රමනායක - 2020/07/21 - 23:43
බුද්ධ භාෂිතය දැක්වෙන අධම්මික සූත්‍රයේ සඳහන් දෑ මෙකලට අනුව ගතහොත් රාජ්‍ය පාලකයින් අධාර්මික වන කල රාජ්‍ය නිලධාරීන් අධාර්මික වන බවත්, රාජ්‍ය නිලධාරීන් අධාර්මික වන කල නගර වැසි ප්‍රමුඛ ගෘහපතීන් අධාර්මික වන බවත් නගර වැසි ප්‍රමුඛ ගෘහපතීන් අධාර්මික වන කල කුඩා නගර සහ පිටිසර වැසියන් අධාර්මික වන බවත් වටහා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයින්ව පත්කර ගන්නේ කලින් කලට පවත්වන ඡන්ද විමසීම්වලට අනුව දැක්වෙන රටවැසියන්ගේ බහුජන මතයට අනුව. බහුජන මතයට අනුව තේරී පත්වන පුද්ගලයින් දූෂණ වංචා ක්‍රියාවන්හි යෙදෙන අධාර්මික පුද්ගලයින් නම් රටේ පිරිහීමට එය හේතු වෙනවා. එහිදී වැඩිපුර දොස් කිව යුත්තේ කා හටද? අධාර්මික රාජ්‍ය පාලකයින්ට වැඩිපුර දොස් කිව යුතුද? අධාර්මික රාජ්‍ය පාලකයින්ව තෝරා පත්කර ගන්නා බහුජන පිරිසට වැඩිපුර දොස් කිව යුතුද? වෙනත් පිරිසකට වැඩිපුර දොස් කිව යුතුද?